රන්මාල කොල්ලකරුවන් පොලිස් දැලේ

heroine gold chain rathmalana kadavatha ederamulla
By Sewvandhi Jun 08, 2021 02:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෙලබැඳි රන්මාල කොල්ලකෑම් වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් කඩවත, එඬේරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (07) කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන්මාල කොල්ලකෑම් වල නිරතවන කල්ලියක සාමාජිකයින් වන මොවුන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවෙන් ගමන් ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය අංක තහඩු 03ක් යෙදිය හැකි ආකාරයට සකසා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 04ක් සහ රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් කොල්ලකන ලද රන්මාල දෙකක්ද පොලිසියට සොයා ගැනීමට හැකි වුණා.

මේ සම්බන්ධයෙන් කඩවත පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now