ඥානසාර හිමිට යළිත් වරෙන්තු.
බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන්.
2016 ජූලි මස 8වෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)
කෙසේ වෙතත් සැකකාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඥානසාර හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනී සිටීමට අද දින නොහැකි බවයි.
නමුදු නඩුවේ තීන්දු ප්‍රකාශය ලබාදීමට නියමිතව තිබූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කරමින් ඇපකරුට නොදීසි නිකුත් කර තිබෙනවා.
You May Like This Video