වෛද්‍යවරු 5,000ක් කරන්න යනදේ ගැන GMOA අනතුරු අඟවයි..!
Sri Lanka
GMOA Sri Lanka
By Sewvandhi
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බවයි.
ඔවුන් පවසන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 1,500ක් පමණ විදෙස්ගත වී ඇති බවයි.
ඔවුන් අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සතියක් අරඹන බවයි, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ.
වෛද්‍යවරුන් දිගින් දිගටම විදෙස්ගත වුවහොත් මෙරට ප්‍රධාන රෝහල්වල පවා ගැටලු මතුවිය හැකි බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.
