Gmail ලිපිනයට තුන් පාරක් විතරක් දෙන අවස්ථාවක් - නැත්තම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා
වසර ගණනාවක් තිස්සේ වෙනස් කළ නොහැකිව තිබූ @gmail.com වලින් අවසන් වන ඊමේල් ලිපිනයේ මුල් කොටස දැන් පරිශීලකයන්ට වෙනස් කිරීමට අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මීට පෙර Google ලබා දුන්නේ තෙවන පාර්ශවීය ඊමේල් ලිපිනයන් (third-party email addresses) භාවිතා කර සාදන ලද ගිණුම්වල ලිපිනයන් වෙනස් කිරීමේ හැකියාව පමණී.
එහෙත් ඔබ දැනට පවතින Gmail ලිපිනයේ මුල් කොටස වෙනස් කර අලුත් කිරීමෙන් පසුව ඔබගේ පැරණි Gmail ලිපිනය අන්වර්ථ නාමයක් (alias) වශයෙන් ක්රියා කරයි.
ඒ අනුව පැරණි ලිපිනයට ලැබෙන ඊමේල් පණිවිඩ දිගටම ලැබෙන අතර, ඔබගේ ගිණුමේ ඇති ඡායාරූප, පණිවිඩ සහ අනෙකුත් දත්තවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවේ.
කෙසේ වෙතත් පරිශීලකයෙකුට මෙලෙස තම ඊමේල් ලිපිනය වෙනස් කළ හැක්කේ සමස්තයක් ලෙස 3 වතාවක් පමණක් බවද සඳහන්.
එමෙන්ම වරක් ලිපිනය වෙනස් කළ පසු, නව ඊමේල් ලිපිනයක් සෑදීමට වසරක කාලයක් බලා සිටීමට සිදුවන බව ද වාර්තා වේ.
මෙම පහසුකම පිළිබඳ තොරතුරු මුලින්ම Google හි උපකාරක පිටුවක (support page) පළ වී ඇති බව වාර්තා වේ.
එම පහසුකම ක්රමයෙන් නිකුත් කරමින් පවතින බැවින් මෙම අවස්ථාව ඔබගේ ගිණුමට ලැබීමට තව සුළු කාලයක් ගත විය හැකි බව වාර්තා වේ.