යුද්ධයේ පවතින අවිනිශ්චිතභාවය නිසා ලෝකෙටම තවත් නරක ආරංචියක් - යළි බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව අද නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් වශයෙන් සුළු ලෙස ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් ලෙස දැක්වේ.
ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම දින 5ක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් මිල ගණන් පහත වැටුණු ද මේ වනවිට මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය නිසා නැවත බොරතෙල් මිල ඉහළ යමින් තිබෙන බව සඳහන්.