ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයේ ඇගයුමට ලක්වේ

Report

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) සහ විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධානීන් ප්‍රශංසාවට බදුන් වී ඇත.

මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුව කොළඹදී පැවැත්වේ .එහි අවසන් දිනය අද (15) වේ.

එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සමග මෙම සමුළුවට පැමිණ සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිතයන් රැසක් සාකච්ජා කර ඇත.

තද වැසී පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසී පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මෙම සමුළුවේදී විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙරට පවත්වාගන යන නිදහස් සෞඛ්‍ය සේවාව මෙන්ම අඩු වියදමකින් ලබාදෙන්නාවූ ගුණාත්මක සෞඛ්‍ය සේවාව පිළිබදව ඔවුන්ගේ ඇගයුමට ළක්කර ඇත . 

ඒවගේම ඔවුන්  ශ්‍ර්‍ර්‍ර්‍රී ලංකාව ඉතාමත් සුහදශීලී රටක් ලෙස හදුනාගත් බවත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඔවුන්ගේ නොමද සහයෝහය ලබාදෙන බවට සදහන් කර තිබේ. 

තවද විදේශ නියෝජිතයන් හට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරමින් නවීන තාක්ෂණය මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගන්නා ආකාරය පිළිබදවත් අමාත්‍යවරුන් පැහැදිළි කර තිබේ. 

 

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්