රිෂාඩ්ගේ ගෙදර සිටි ‘තවත් සේවිකාවන් දෙදෙනෙක්’ හදිසියේ මැරිලා

abuse servants harassment ishalini rishad badurdden
By Sewvandhi Jul 26, 2021 02:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අධිකරණ නියෝග අනුව රඳවා ගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අද (26) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය ගෙනා තැරවූකරු දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා රඳවා ප්‍රශ්න කරන අතර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටිනවා.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් ද හදිසියේ මිය ගොස් ඇති බව අද (26) අනාවරණ කෙරුණා. ඒ,දිනපතා පුවත්පතක පළවූ පුවතක් උපුටා ගනිමින්.

ඉන් එක් සේවිකාවක් දුම්රියට පැන ඇති අතර තවත් සේවිකාවක් හදිසියේ ලෙඩ වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 දෙනෙකු කිසියම් කුට්ටනයකට, ලිංගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට ලක්වී ඇත්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (25) මෙම තරුණියන් පදිංචි ප්‍රදේශවලට පිටත් කර යැවීමට නියමිතව තිබූ බව අද (26) පුවත්පත් වාර්තා කර තිබුණා.

වරුණි බෝගහවත්ත මහත්මිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස රාජකාරි කරමින් සිටියදී මෙම විමර්ශන සඳහා කොළඹට කැඳවා තිබෙනවා.

ඇය සමග මාතර ළමා හා කාන්තා අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනියන් හා නිලධාරීන් කිහිපදෙනකුද කොළඹට පැමිණ දැරිය සම්බන්ධ විමර්ශනවලට එකතු වී ඇති බව වාර්තා වනවා.

මෙම කණ්ඩායම කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ද සමග එක්වී මෙම දැරියන් 8 දෙනාගේ හා ඔවුන්ගේ මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

වරුණි බෝගහවත්ත මහත්මියගේ සේවය පිළිබඳව පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඇය කරන ලද විමර්ශන රැසක්ම ප්‍රසාදයට ලක් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now