පිළිස්සී මියගිය දැරිය සම්බන්ධ පරීක්ෂණ සඳහා විශේෂ කණ්ඩායමක් (VIDEO)

rishad badurdeen sanjaya rajarathnam dheshabandhu thennakoon dilip piris
By Sewvandhi Jul 22, 2021 09:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබේ.

නීතිපති සංජය රාජරත්නම් මහතා අද (22) බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව එම පියවර ගෙන ඇත.

එහිදී දැනට සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් නීතිපතිවරයා දැනුවත් කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මීට අදාළ නෛතික කටයුතු සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙන බවද වාර්තා විය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha