නව පරපුරේ අදහස් මෙරට රාජ්‍ය පාලනයට ගැනෙන්නේ මෙහෙමයි.
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ පසුගිය (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින්.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, රටේ හෙට දවස භාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදි වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බවත්, ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීම Freelancing, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත්ය.
එමෙන්ම ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර පවසනවා.
මේ අතර දේශපාලන ක්ෂේත්රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද ජනපති සඳහන් කරනවා.
එමෙන්ම තමාට අවශ්‍ය Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා “පුළුවන් ශ්‍රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
"මෙම ස්ථානයේ සිටින ඔබ සියලුදෙනා Gen Z පරපුරට අයත් පිරිසයි. ඉදිරියේදී රට භාරගත යුත්තේ ඔබයි. සෑම විටම සඳහන් වෙනවා Gen Z පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. ඒ වගේම ඔවුන් ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා.
ජනතා විමුක්ති පෙරමුණ කියනවා වසර 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ කියලා. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ මේ තරුණ සේවා සභාවේ සිටයි. මේ තරුණ සේවා සභාව 1948 තිබුණේ නැහැ. යෞවන සමාජ හදලා තරුණ සේවා සභාව ඇති කළේ මමයි. ඒ නිසා රට හැදුවේ නැහැ කියන එක පිළිතුරක් නොවෙයි.
නමුත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. දැන් අප සිතිය යුත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහාමද කියලයි. තරුණ පරපුර කියන්නේ අපි 2020 පොහොට්ටුවට ඡන්දය දුන් නමුත් අපේ බලාපොරොත්තු සුන් වුනා කියලයි. තවත් පිරිසක් කියනවා අපි 2015 යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන්නා නමුත් අපේ බලාපෙරොත්තු ඉටු වුණේ නැහැ කියලා. ඒ නිසා අපිට දේශපාලනය එපා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.
එවිට ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි ආණ්ඩුවේ හිටියේ නැහැ කියලා. එහෙම කියන්නේ මගේ මිත්‍ර හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතායි. සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත්, විජයදාස රාජපක්ෂත්, මමත් හිටපු ඇමතිවරුන් බව සිහිපත් කරනවා.
මම 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදි සඳහන් කළා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 03ක් හොයාගත්තේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතික පක්ෂය පරාජය වීමයි. එහෙමනම් මමත් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ඇත්ත කියපු නිසා කවුරුවත් මට ඡන්දය දුන්නේ නැහැ. නමුත් මම දේශපාලනයෙන් ඉවත් වුණේ නැහැ. මේ රට බේරා ගත යුතුව තිබු නිසා රට භාරගත්තා. මම රට භාරගත්තේ ඔබට අනාගතයක් ලබාදීම සඳහායි. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්ව මේ ගමන යා යුතුයි. මෙයින් ඉවත් වුවහොත් එය අපරාධයක් වෙනවා. මේ තීරණය වන්නේ ඔබේ අනාගතයයි.
අපි අවුරුදු 05ක් ඉදිරිය ගැන හිතනවද, අවුරුදු 25ක් ඉදිරිය දෙස බලා රට හදනවද කියා තීරණය කළයුතුයි. ඇතමුන් කිව්වා 2048 ගැන හිතලා වැඩක් නැහැ කියලා. නමුත් අපි කියන්නේ 2048 ගැන අවධානය යොමු කළ යුතුයි කියලයි. තායිලන්තය, වියට්නාමය වෙළද ආර්ථිකයක් බවට පත් වුණේ අනාගතය ගැන හිතලා. නමුත් අපි ඒ ගැන හිතන්නේ නැත්තේ ඇයි?
ප්‍රශ්නයක් වුණොත් කියනවා අපි මේකට සහනාධාර දෙන්නම් කියලා. නමුත් ප්‍රශ්න විසදීමක් සිදු වන්නේ නැහැ, මෙතෙක් සිදු වුණේ එයයි. ඒ නිසා මේ ඡන්දය වැදගත්. එදා මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. දැන් අප යන මාර්ගයක මොකක්ද කියලා තීරණය කළ යුතුයි.
අපි අපනයන ආර්ථිකයක් බවට පත් වෙනවද, නැත්නම් මේ මට්ටමේ සිට නැවත ණය අරගෙන තව අවුරුදු 15කින් වැටෙනවද කියා තීරණය කළයුතුයි. තව අවුරුදු 15 කින් ගෑස් නැතිව විදුලිය නැතිව දුක් විඳිමට අපට සිදු වෙනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපනයන ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමට අප කටයුතු කළේ. එය ක්‍රියාත්මක කිරීම සඳහායි මෙවර ජනාධිපතිවරණයේ දී මම ජනතා වරමක් ඉල්ලා සිටින්නේ.
තරුණයන් වෙනුවෙන් අපි “පුළුවන් ශ්‍රීලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යොවුන් වසන්තය ඉදිරිපත් කර තිබෙනවා. එහි ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීමේ Freelancing, විද්‍යුත් වාණිජ්‍ය , සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳ සඳහන් වෙනවා.
ඒ වගේම නව පුරපුර සමඟ කතිකාවක් (Gen Z Dialogue)ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. රටේ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් අප අතර සාකච්ඡා තිබිය යුතුයි. එය ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමෙන් සිදු විය යුතුයි. ඒ වෙනුවෙන් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කරනවා. එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම තරුණ සේවා සභාවට භාර දෙනවා.
ඒ වගේම නැවත තරුණ පරපුර දේශපාලන ක්ෂේත්රය නියෝජනය කළ යුතුයි. අපි ඒ සඳහා පහසුකම් සළසාදිය යුතුයි. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව සඳහා තරුණයන් සහභාගි කරවා ගැනීමට අප යෝජනා කළා. ඇතැම් කාරක සභා හොදින් ක්‍රියාත්මක වන අතර අනිත් ඒවා රැස්වෙන්නේ නැහැ. මේ අඩුපාඩුකම් සම්පූර්ණ කර ගෙන ඉදිරි පාර්ලිමේන්තුවේ මීට වඩා ශක්තිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම යොවුන් වසන්තයෙන් පිටත අනිත් අංශවල තරුණයන් පිළිබඳව ද ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. වසර 04ක් අපට රැකියා දෙන්න බැරි වුණා. ඒ නිසා ලබන වසරේ තරුණ පරපුර වෙනුවෙන් නව ආදායම් මාර්ග ලක්ෂයක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්ම ක්ෂේත්රයේ ස්ථීර ලෙස ස්වයං රැකියවලට යොමුවන අයට ආධාර ලබා දිමට එහි විශේෂ කොටසක් විවෘත කෙරනවා.
ඒ වගේම දැනට වෘත්තිය පුහුණුව ලබන පිරිසට අමතරව තමන් කැමැති ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගැනීමට තවත් තරුණ තරුණියන් 50,000කට මුදල් ලබා දෙනව. එසේනම් 150,000කට අපි 2025 වසරේදී රැකියා ලබා දෙනවා
ඒ සමඟම තරුණ තරුණියන්ට පුහුණුවක් ලබාදී රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන සමාගම්වලටත් සහාය ලබාදීමටත් අප බලාපෙරොත්තු වෙනවා. ආර්ථිකය දියුණු වීමත් සමඟ නව රැකියා අවස්ථා උදා වෙනවා.
ඒ වගේම වෘත්තීය පුහුණු අංශය වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රියාත්මක වන සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය විද්‍යාලයක් ඇති කිරීම අපේ අරමුණයි. ඒ වගේම සෑම පළාතකම තාක්ෂණ හා කළමනාකරන විද්‍යාල ඇති කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්ම, කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය වීමත් සමග නව රැකියා අවස්ථා බිහි වෙනවා.
ඒ වගේම ජන සභාවල තරුණ නියෝජනය ඇති කරනවා. සැම ග්‍රාම සේවා කොට්ඨාසයකම ජන සභාවක් ඇති කර තරුණ නියෝජනය ඉහළ දමනවා. එම කටයුතු තරුණ සේවා සභාව සමග එක්ව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවෙයි තමන්ට පාර්ලිමේන්තුවට පණිවිඩයක් එවා විවාදයක් ඉල්ලා ගත හැකි අයුරින් අලුත් නීතියක් ගෙන එනවා. ඒ අනුව ඡන්ද දායකයන් ලක්ෂයක් පෙත්සමක් අත්සන් කර යම් කාරණයක් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියහොත් එය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවට සිදු වෙනවා.
ඒ වගේම දෙවන මන්ත්‍රණ සභාවක් ආරම්භ කරනවා. ඒ සඳහා කාන්තා සහ තරුණ නියෝජිතයන් ඇතුළත් කරනවා. නැවත කාන්තා සහ තරුණ නියෝජිතයන් තෝරාපත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට සිදු වෙනවා. මේ සියලු කටයුතුවලින් මම උත්සාහ කරන්නේ තරුණ පරපුර සමාජයට ඇතුළත් කිරීමයි.
ඒ වගේම හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයත් මම කියෙව්වා. එහි රැකියා ගැන නිසියාකාරව සඳහන් වී නැහැ. තරුණ තරුණියන්ට සුදුසු රැකියා ඇති කිරීම, රැකියා විරහිත තරුණ තරුණයින්ට තොරතුරු ලබා ගැනීමට බැංකුවක් ඇති කිරීම, රජයේ රැකියා සඳහා බදවා ගැනීමේ තරග විභාග ක්‍රමය ඉදිරියට ගෙන එන බව සහ උසස් පෙළ සමත් අයට වෘත්තිය පුහුණුව දෙන බව එහි සඳහන් කර තිබෙනවා. නමුත් එම පුහුණුව ලබා දෙන්නේ කොතනද, කොහොමද කියන එක සඳහන් වී නැහැ. ඒ වගේම රැකියා ලබාදීම ගැන සඳහන් වෙන්නේ නැහැ. එයයි වෙනස.
ඒ වගේම තරුණ තරුණියන්ට ණය ලබාදීමට සංවර්ධන බැංකුවක් ඇති කරනවා කියලා තිබෙනවා. ඒ වගේම තරුණ සේවා සභාවේ ශාඛාවල තරුණ තරුණියන් මුණ ගැසෙන බව සඳහන් කර තිබෙනවා. තරුණ සේවා සභාවට ශාඛා නැහැ. ඒවට කියන්නේ යෞවන සමාජ කියලා. එය නොදැන ප්‍රතිපත්ති ලියනවනම් ඊට වඩා ඒ ගැන සිතිය යුතු නැහැ.
ඒ වගේම හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනා මම කියෙව්වා. තරුණ තරුණියන් ගැන එහි සඳහන් වන්නේ වචන 49යි. ඔවුන් තරුණ පරපුර ගැන වචන 50ක්වත් ලියලා නැහැ. මේ අයට ඔබ අනාගතය භාරදිය යුතුද, එසේනම් මෙහි සිටින Gen Z පරපුර තම අනාගතය පිළිබඳ තීරණය කළයුතුයි.
Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම මගේ අරමුණයි. එවිට ආණ්ඩුව භාර ගන්න කියලා කිව්වොත් කාටවත් දුවන්න අවශ්‍ය වන්නේ නැහැ. බය නැතිව මේ රටේ නායකත්ව භාරගත හැකි තරුණ පිරිසක් රට තුළ නිර්මාණය වෙනවා.
රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.
රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න ,
අද මම නියෝජනය කරන්නේ අපට මේ රට ගොඩ ගන්න ‘පුළුවන්’ බවට විශ්වාස කරණ තරුණ පරපුරයි. වසර දෙකකට පෙර පෝලිම්වල හෙම්බත්වූ, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් බිඳ වැටුණ මේ රට එදා සංසන්දනය කළේ සිම්බාබ්වේ, ලෙබනනය වැනි රටවල් සමඟයි. එදා මේ රටේ බැංකු පද්ධතිය, රාජ්‍ය සේවය කඩා වැටුණා නම්, ආරක්ෂක අංශ බිඳ වැටුණා නම් අද අප මෙතැන නැහැ. මේ රට හැර යන්න හීනෙකින් වත් නොසිතූ අපගේ මිතුරන් එදා මේ රට හැර ගියා. ඒ දවසෙ අපි තරුණ කණ්ඩායමක් ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළා. එතුමා එදා ප්‍රකාශ කළා මේ රට තව අවුරුද්දකින් බංකොලොත්භාවයට පත් වන බව. ඒ කියූ ආකාරයට එය සිදු වුණා. ඒ අවස්ථාවේදී අවුරුද්දකින් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් බව එතුමා කිව්වා.
එතුමා පැවසූ ආකාරයෙන්ම ඉතා කෙටි කාලයක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා. සැප්තැම්බර් 21 වෙනිදාට අපට තීරණය කිරීමට තිබෙන්නේ මේ රට නැවතත් මීට වසර දෙකකට පෙර තිබූ යුගයට ගෙන යනවාද නැද්ද කියන කාරණයයි.
තරුණ පරපුර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරම් කටයුතු කළ නායකයෙක් මේ රටේ නැහැ. මීට දශක 4කට පෙර මේ රටේ තරුණ ප්‍රජාව නඟා සිටවීම සඳහා ස්ථිපිත කළ තරුණ සේවා සභාව තරම්, එතුමාට මේ රටේ තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට සුදුසු තවත් ස්ථානයක් නැහැ. ජනාධිපතිතුමනි, අපේ රට ආපස්සට ගෙන යාමට අප සූදානම් නැති බව අද මෙම ස්ථානයේ සිට මේ රටේ තරුණ පරපුර වශයෙන් අප ප්‍රකාශ කරනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ ක්‍රියාකාරී නිරාෂාන් විතානගේ ,
ජනාධිපතිතුමනි, මෙම සෑම අසුනකම සිටින තරුණ තරුණියන්ට විවිධ සිහින තිබෙනවා. ඒ සිහින සැබෑ කර ගැනීමට “පුළුවන්” රටක් අපට අවශ්‍යයි කියන සිහිනය අපට තිබෙනවා. ඒ රට හදන්න “පුළුවන්” ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින ‘රියල් වැඩ්ඩා’ ඔබ බව මේ රැස්ව සිටින වගේම මේ රටේ සිටින තරුණ තරුණයින් විශ්වාස කරනවා.
මේ තරුණ ජීවිත පෝලිම්වල ලතැවෙන විට, තාත්තලාගේ හුස්ම පෝලිම්වල අහිමි වෙන විට, අධ්‍යාපනය කඩා වැටිලා අනාගයක සේයාවක්වත් නොමැතිව අපේක්ෂා භංග වී සිටින විට, අම්මලා ගෑස් පෝලිම්වල දවස ගත කරන විට, මේ කියූ නොකියූ අපහසුතාවලින් මිනිසුන් අසරණ වී සිටිද්දී අපගේ ජීවිතවලට යම්කිසි සහනයක, බලාපොරොත්තුවක සේයාවක් ගෙනා ‘රියල් වැඩ්ඩා’ඔබයි. ‘රියල් වැඩ්ඩෝ’ වැඩ පෙන්වන්නේ අභියෝගයකදීයි. අත්හදා බැලීම් කිරීමට, සූදු කෙලින්නට අනුරට, සජිත්ට රට බාර දී බලා සිටින්න මේ රටේ තරුණ ප්‍රජාව සූදානම් නැහැ.
මේ මාතෘ භූමිය තරුණ ඔබට කතා කරනවා. මේ රට ගොඩනඟන්න ඔබේ ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට ගොඩනැඟිය හැකි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ශක්තිය ලබා දීම තරුණ ඔබේ වගකීමයි. ඔබ සුරංගනා කතාවලට රැවටෙනවද? අත දරුවන්ට රට බාර දී ඊළඟ ආගාධයට රට රැගෙන යනවද? යන්න ඔබ තීරණය කළ යුතුයි."