චන්න එක්ක තව ලංකාවේ ජනප්‍රිය නලුවෝ දෙන්නෙකුට මම ආදරේ කලා ගයත්‍රී ඩයස්. (PHOTOS)
අපේ කළා ලෝකය තුළ ඉන්න සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ලාංකීය ජනයා අතර කතාබහට ළක්වන රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ. කොහොම නමුත් ලාංකීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලාංකීය රසික රසිකාවියන් ගොඩක් ආදරේ කරනවා.
ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක ලෙසින් අපට ඇයව හදුන්වන්න පුලුවනි,කොහොම නමුත් ගොඩක් සුන්දර කාන්තාවක වන ඇය පිළිබඳ ඇගේ රසිකයන් කියන්නේ ගයත්‍රීට තියෙන්නේ හොලිවුඩ් ලස්සනක් කියලයි. ඉතින් එහෙම කියන්න ප්‍රධානම හේතුව වෙන්නේ ගයාත්‍රිගේ තියෙන සුන්දරත්වයයි. ඒ බව රහසක් නොවෙයි. ඇත්තෙන්ම ඇය වයසට යන රංගන ශිල්පිනියක් නෙවෙයි. දකින හැමෝම වගේ කියන්නේ ඇය දවසින් දවස ලස්සන වෙනවා කියලයි.
කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස ඇය ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තේ දෙරණ නාලිකාවේ විකාශනය කෙරෙන ‘නීලපළිඟු දිය’ ටෙලිනාට්‍යයේ වත්සලා කියන චරිතය ඔස්සේයි. මේ විදිහට ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තු ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චන්න පෙරේරා සමගයි. ඒ 1996 වසරේදී වන අතර වර්තමානය වනවිට ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.
ඉතින් මේ වන විට ඇය චන්නගෙන් වෙන් වෙලා දියණියන් සමඟ දිවි ගෙවනවා.මීට අමතරව ඇය දක්ශ ව්‍යාපාරිකාවක් වශයෙන්ද කටයුතු කරනවා. ඇය සතුව රූපලාවන්‍ය ආයතනයක්ද පවතිනවා.ඉතින් අපිට අයව පසු ගිය දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි සිතුවම හරාද දැක ගැනීමට ලැබෙනවා. ඉතින් පසු ගිය දිනවල විදේශ ගත වී සිටි ඇය නැවත ඇය ලංකාවට පැමිණ ඇති නිසාම බොහෝ දෙනෙක් ඇය ගැන තොරතුරු සොයනවා.ගයත්‍රියි ආදරේ ගැන හිතන්නේ කොහොමද, ඇත්තටම ආදරේ කියන්නේ හිමිකර ගැනීමම නෙවෙයි. මගේ හිතට මම ආදරයක් දැනෙන කොට මට අවුරුදු දාසයයි. මට පාසල් ප්‍රේමයක් වත් තිබිලා නැහැ. ආදරෙයි කියලා අපිට දෙයක් බලෙන් ලබාගන්න බැහැ. අපිට කෙනෙක් බලෙන් ළඟ තියා ගන්නත් බැහැ. ආදරේ කියන්නේ එකිනෙකාට ගරු කරමින් එකිනෙකාව තේරුම් ගැනීම. නැතුව අකමැත්තෙන් බලෙන් තියා ගැනිම නෙවෙයි. ගයත්‍රි විවාහ වෙන්නේ කලාව තුළ ම නමක් ගිය චන්න පෙරේරා සමග. ඔබේ පවුල් ජීවිතයේ ජීවිතය ගැන බොහෝ දෙනෙක් කතා කළා. නමුත් මේ වන විට ඔබ දෙදෙනා වෙන්ව ජිවත් වෙනවා. චන්නට හිත ගියා වගේම නළු කී දෙනෙකුට හිතගියාද, මම විවාහ වෙන්නේ චන්න අයියා එක්ක. එයා ඇත්තටම ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම දක්ෂ පුද්ගලයෙක්.
චන්න අයියා එක්ක තව නලුවෝ දෙන්නෙකුට මම ආදරේ කලා. එයාලගේ නම කියන්න බැහැ.ආදරේ කියන දේ විවාහයකින් කෙළවර වෙන්නම ඕන ද, ආදරයේ අවසානය විවාහය කියලා නියමයක් නැහැ. සමහර ආදර කතා තියනවා විවාහයෙන් කෙළවර වෙන. හැබැයි මගේ පෞද්ගලික අදහස අවංකයි කියනවා ආදරේ අපිට කවදාවත් ළං කර ගන්න ලැබෙන්නේ නැහැ. ආදරයක දුරස් බව තියෙනවනම් එතන ආදරේ වැඩියි. මම හිතන්නේ මගේ ආදරේ දුරින් තියනකම් එආදරයට පැවැත්මක් තියෙනවා.
සමහර ආදර කතා ලංකර ගත්තහම පැවැත්මක් නෑ.විවාහය කියන රාමුවෙන් පිටත ආදරයක් ලැබුනොත්, විවාහ ජීවිතය තුළ අපි හොයන ආදරයක් ලැබෙන්නේ නැත්නම් අපි පිටතින් ආදරයක් හොයනවා කියන එක සාමාන්‍ය දෙයක්. විවාහ ජීවිතය තුළ කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරය තියෙනවා නම් කවදාවත් ඒ කෙනා විවාහයෙන් පිට ආදරය ගැන හිතන්නෙවත් නැහැ. විවාහය තුළ අපි හොයන ආදරයක් නැත්නම් ඒ කෙනා පිටතින් ආදරයක් හොයනවා කියන දේ වැරැද්දක් විදිහට මම නම් පෞද්ගලිකව දකින්නේ නැහැ. මොකද අපි කොයි කවුරුත් ආදරේ කියන දේට කැමති. අපි කවුරුත් ආදරේ කියන දේ බලාපොරොත්තු වෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |