ඔබ භාවිතා කරන ගෑස් අනාරක්ෂිතද..? සමාගමකින් පැහැදිලි කිරීමක්

Sri lanka Gas problem
By Sithumi Nov 24, 2021 06:29 PM GMT
Sithumi

Sithumi

Report

ලිට්‍රො සමාගම අද (24) මාධ්‍ය හමුවක් පවත්වා ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කළේය. ඒ වෙළෙඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි.

ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා, "සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ සියලුම ගෑස් සහ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන්නේ." ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා, 

"කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක ඇතිවූ සිද්ධිය තමයි මෑතකදී සිදුවූ ප්‍රධානම සිදුවීම. එම ස්ථානයට අපේ ආයතනයෙන් LP ගෑස් සැපයුම සිදු කළේ නෑ. ඊට කලින් සිදුවීම් කිහිපයක් සිදුවුණා. 

ඒවා අපි අධ්‍යයනය කළාට පස්සේ අපිට දැනගන්න ලැබුණේ LP ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනෙකුත් උපාංග..බටය වෙන්න පුළුවන්, උදුන වෙන්න පුළුවන්. දෝෂයක් නිසා LP ගෑස් කාන්දුවීම නිසා එම අනතුරු සිදුවෙන්නේ කියලා."