මෙරට ගෑස් මිල ඉදිරියේදී වාර්තාගත ලෙස පහළ යයි!!.ඉන්ධන මිල ගැනත් දැනුම් දීමක්.
ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි නිවු ෆොටේරස් බලශක්ති සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන LNG පර්යන්තය හේතුවෙන් මෙරට ගෑස් මිල වාර්තාගත ලෙස පහත වැටෙනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
2023 වසර වනවිට එය ආරම්භ වී ඇති බවද පැවසූ පවසන අමාත්‍යවරයා ඉන් පසු ගෑස් මෙරට ගෑස් මිල වාර්තාගත මට්ටමකින් පහත වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ බ්ලුම්බර්ග් අඩවිය සමග සාකච්ඡාවට එක්වෙමිනි.
මේ අතර මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නො මැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.
දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නො මැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා.
එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
