මෙම මසට අදාලව ගෑස් මිල සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම විසින් දැනුම්දී තිබෙනවා.
ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ඒ බව සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි.
මේ අතර, අගෝස්තු මසදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.
ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වෙයි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482ක්.
එමෙන්ම, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ද වෙනවා.