තවත් නිවසක ගෑස් ලිපක් පුපුරයි.(VIDEO)

sinhala news gas explosion srilanka news gagana news srilanka gas explsion
By Aruna Dec 01, 2021 04:29 AM GMT
Aruna

Aruna

Report

තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් සුළු අලාභ හානියක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

නිවැසි කාන්තාවක් ඊයේ (30) පස්වරුවේ ගෑස් ලිපක් දල්වා ඉවත්ව යාමත් සමග එය පුපුරා ගොස් ඇති බවත් එම තැනැත්තිය එම ස්ථානයේ රැඳී සිටියා නම් හෝ ඒ සමග ගෑස් ටැංකියත් පුපුරා ගියානම් බරපතල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවද පොලීසිය සඳහන් කළේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now