සංජීවගේ ඝාතකයා සෙට් වුනේ ෆේස්බුක් එකෙන්.. නවතම අනාවරණය

Sri Lanka Police Facebook Crime
By Gagana News Feb 25, 2025 05:10 AM GMT
Gagana News

Gagana News

Report

අධිකරණ කාමරය තුළදී ගනේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීම සඳහා ඝාතනය සැලසුම් කළ පුද්ගලයන් විසින් වෙඩික්කරු වූ කමාන්ඩෝ සමිදු දිල්ෂාන් පියුමංග සම්බන්ධ කොට ගෙන ඇත්තේ මුහුණුපොත හරහා පණිවිඩ යොමු කරමින් බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ,

''ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ? පොඩි වැඩක් කරමුද?*” යනුවෙන් පණිවිඩ යොමු කරමින් සැලසුම්කරුවන් විසින් වෙඩික්කරුව සම්බන්ධ කොට‌ ගෙන ඇති බවයි.

සංජීවගේ ඝාතනයට පොලිස්පතිගේ නමත් ගෑවෙයි - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සංජීවගේ ඝාතනයට පොලිස්පතිගේ නමත් ගෑවෙයි - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඉකුත් 18 වනදා දින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාව කොළඹ අලුත්කඩේ අංක 5 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළදී ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු වන හිටපු හමුදා සාමාජික සුමුදු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නැමැත්තාව මුහුණුපොත හරහා ඉතා උපක්‍රමශීලීව ඝාතනයේ අපරාධකරුවන් විසින් යොදා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ,

''මෑත කාලයේ සිදු වූ බොහෝ මෙවැනි වෙඩිතැබීම් සිද්ධීන් වලින් ඉතාම පැහැදිලි වන්නේ මෙම ක්‍රියාවන් වලට බහුතරයක් සම්බන්ධ වන පුද්ගලයන් සන්නද්ධ හමුදාවේ එසේත් නැතිනම් පොලිසියේ සාමාජිකයන් වීම” 

 මේ තත්ත්වය මත යුද හමුදාවෙන් පැන ගිය සියලුම සාමාජිකයින්,පොලිස් නිලධාරීන් මේ සියලු දෙනා ඉදිරියේදී අපි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ඔහු සඳහන් කළේය.

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

ReeCha