ගම්පහ බබා රිමාන්ඩ්
By Kanchana
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව පොලිසිය සදහන් කර තිබේ.
තවද නේපාලයේදී අත්අඩංගුවටගත් සැකකරු ඇතුළු පිරිස ඔක්තෝබර් 15 වැනිදා දිවයිනට රැගෙන පැමිණ තිබේ.