STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට
By Kanchana
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදී, විශේෂ කාර්ය බළකා නිලධාරීන් පළඳින කලිසමට සමාන ඇඳුමක් හැඳ සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව යාපනය විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඊයේ (16) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
තවද මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.
තවදුරටත් සිදුකරන විමර්ශනවලින් පසු මෙම තරුණයා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.