අරගලයට පැය 48යි : ජංගම වැසිකිලි පහසුකම් සැපයුවටත් ලෙඩක් වැටෙයි (PHOTOS)

Gagana news Urban Development Authority Galle face protest
By Subodha Apr 11, 2022 04:46 AM GMT
Subodha

Subodha

Report

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් තෙවන දිනයටත් අඛණ්ඩව මේ වන විට රැඳී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

මේ වන විට මෙම විරෝධතාවය ආරම්භ වී පැය 48ක් ගතවී ඇති අතර අද දිනයේදී ද කොළඹ ගාලු මුවදොර පිටිය සහ ඒ අසල රැඳී සිටින ජනතාව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදිමින් සිටිනවා.

විරෝධතාවයේ යෙදී සිටින ජනතාව ඊ්යේ දිනයේ සිට ඇද හැලෙන වර්ෂාවට තෙමෙමින් එම ස්ථානයෙන් ඉවත් නොවීම සුවිශේෂි කරුණක්.

මේ අතර විරෝධතාවයේ යෙදී සිටින පිරිස් සඳහා අවශ්‍ය ඖෂධ සහ ආහාර පාන සැපයීමට විවිධ පුද්ගලයින් සහ සංවිධාන ක්‍රියාකරන බවයි වාර්තා වුයේ.

ඊට අමතර ඇතැම් පිරිස් එම ස්ථානයේදී ම කොත්තමල්ලි , තේ ඇතුළු පාන වර්ග සාදා ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර විරෝධතාවයේ යෙදී සිටින පිරිස් සඳහා අඩුවක් ව තිබු වැසිකිලි පහසුකම් සපයා දීම සඳහා ජංගම වැසිකිලි පද්ධති 06ක් සවි කර දීමට නීතිඥවරයෙකු ඇතුළු පිරිසක් කටයුතු කර තිබුණා.

කෙසේ වුවත් එලෙස ජංගම වැසිකිලි ඉදිකිරීම සඳහා රජයේ අවසරය නොගත් බවට සඳහන් කරමින් එම ජංගම වැසිකිලි පහසුකම් කුලියට සපයනු ලබන ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්තරා රාජ්‍ය ආයතනයක් විසින් දැනුම් දී ඇති බවට එම ආයතනය විසින් අදාල ජංගම වැසිකිලි පහසුකම් ලබා ගැනීමට ඉල්ලුම් කළ නීතිඥවරයාට දැනුම් දුන් බවයි ඔහු  සඳහන් කර සිටියේ.

ජනතාවගේ මුලික අවශ්‍යතාවයක් ඉටුකරලීම සඳහා එම ජංගම වැසිකිලි පහසුකම් ඇණවුම් කර දීමට තමන් සහ මිත්‍රයින් කටයුතු කරනු ලැබුවේ එම ස්ථානයේ එවැනි පහසුකමක් නොතිබූ බැවින් බවයි එම නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් සිදුකළ විමසීමකදී එහි අතිරේක අධ්‍යක්ෂක ජනරාල් මහින්ද විතානරච්චි සඳහන් කර සිටියේ ජංගම වැසිකිලි පහසුකම් ඉදිකිරිම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි.

උපුටා ගැනිම-‌නෙත් ගොසිප්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery