ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Report

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව

අනුර කුමාර දිසානායක මහතා - 130, 880

සජිත් ප්‍රේමදාස මහතා - 100,730

රනිල් වික්‍රමසිංහ - 36,908

නාමල් රාජපක්ෂ - 5,594

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ..! | Galle District Final Result

2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගාල්ල මැතිවරණ බල ප්‍රදේශ හැර දිස්ත්‍රික්කයේ සෙසු මැතිවරණ බල ප්‍රදේශ 8ම ජයග්‍රහණය කළේ ය.

එහි දී ඔහු කරන්දෙණිය සහ හබරාදූව මැතිවරණ බල ප්‍රදේශ වල දී 69%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණේ ය. එසේම ගෝඨාභය රාජපක්ෂ ගාල්ල දිස්ත්‍රික්කය තුළ දී වාර්තා කළ වැඩි ඡන්ද ප්‍රමාණය 248,747ක් වන විට ඡන්ද ප්‍රතිශතය 64.26% බවට පත් විය.

එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දී එම දිස්ත්‍රික්කය තුළ යම් අපේක්ෂකයෙකු වාර්තා කළ වැඩිම ඡන්ද ප්‍රතිශතය සහ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය බවට පත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

2019 ජනාධිපතිවරණය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 466,148 (64.26%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 217,401 (29.97%)

අනුර කුමාර - 27,006 (3.72%)

තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ - 25,099 (67.49%)

සජිත් ප්‍රේමදාස - 9.093(24.45%)

අනුර කුමාර - 2,450(6.59%)

2015 ජනාධිපතිවරණය

මහින්ද රාජපක්ෂ- ඡන්ද 377,126 (55.64%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 293,994 (43.37%)

තැපැල් ඡන්ද මහින්ද රාජපක්ෂ - 16,116(53.49%)

මෛත්‍රිපාල සිරිසේන - 13,879(46.06%)