රජයෙන් දිවයිනේ සියලුම පාසල්වලට සුබම සුබ ආරංචියක්

Report

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියල්ලම පළාත් වෙත ලබා දී ඇති බව සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය තේරුම් දුන් අතර, රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ පැවති සුහද හමුවකදී මේ බව තවදුරටත් අවධාරණය කළාය.

අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුදගනාව රාජමහා විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමියන් බැහැදැකීමට පැමිණි අග්‍රාමාත්‍යවරිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැතිනියගෙන් විශේෂ නිවේදනයක්

නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැතිනියගෙන් විශේෂ නිවේදනයක්

ඒ අනුව වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දී දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය කී අතර, 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටත්, නව පෙළපොත් මුද්‍රණ කටයුතු ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමටත් කටයුතු කරන බවද සඳහන් කළාය.

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි