නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැතිනියගෙන් විශේෂ නිවේදනයක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන ආකාරයට, 2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය හඳුන්වාදීමට කටයුතු ආරම්භ කර ඇත.

මෙම ප්‍රකාශය ඇය කළේ, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

තත්ත්වය තවත් බිහිසුණු අතට - ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි

තත්ත්වය තවත් බිහිසුණු අතට - ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි

අග්‍රාමාත්‍යවරිය පවසන පරිදි, නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කරන අතර, පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන ද පළාත් වෙත ලබා දී ඇති බව සඳහන් කළාය.

ඒ අනුව, පාසල්වල පවතින අඩුපාඩු සකස් කිරීම සහ ප්‍රතිපාදන නිසි ලෙස යොදා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

පුරාවස්තු සොයා කැණීම් කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මාට්ටු

පුරාවස්තු සොයා කැණීම් කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මාට්ටු