ලංකාවටම සතුටුදායක ආරංචියක් - පෝලිම්වල සිටි කාලය ඉවරයි.. අලුතෙන් විශේෂ දෙයකට පැය 24 හුවමාරු ක්‍රමයක් හදුන්වා දෙයි.. එම විශේෂ හුවමාරු ක්‍රමය මෙන්න..
පැය 24 පුරා හුවමාරු ක්‍රමය යටතේ රජය සතු ඉන්ධන බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද(02) දහවල් 12 වනවිට අදාළ ඉන්ධන බවුසර් 127න් 86ක් ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන බවයි.
වෙනත් දිනවලට සාපේක්ෂ ව එම බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහන ගමන් වාර ඉහළ දැමීමට කටයුතු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ වර්ජනය හමුවේ වුව ද පෞද්ගලික ටැංකි විස්සක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා අද දිනයේ කටයුතු කර ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |