ඉදිරියේදී ඉඳින පෝලිම් ඉවරයි ..? ඉන්ධන ලබා ගැනීම හඳුන්වා දුන් නවතම ක්‍රමය

Fuel Price In Sri Lanka Sri Lanka Government
By Sithumi Jun 10, 2022 05:55 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී මහජනතාවට ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට සිදුකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පොදු ප්‍රවාහනයට සහ කර්මාන්තවලට මූලිකත්වය ලැබෙන ආකාරයෙන් එය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද සඳහන් කළේ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඉන්ධන සැපයීම සඳහා ඩොලර් මිලියන 500ක් හිමි වූ අතර පසුගිය දිනවල පෙට්‍රල් හා ඩීසල් සැපයීම සිදුකෙරුණේ එම ණය යෝජනා ක්‍රමය යටතේයි. මේ අතර ප්‍රදේශ රැසක ජනතාව ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැදී සිටියා.

පවතින ඩීසල් අර්බුධය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රීත යන්ත්‍ර සහ වාහන ක්‍රියාකරුවන් අපහසුතාවට පත්ව ඇත්තේ ඩීසල් ලබා ගැනීම සඳහා දින කිහිපයක් දිගු පෝලිම්වල රැදී සිටීමට සිදු වීම හේතුවෙන්

. ඩීසල් නොමැතිවීම හේතුවෙන් පුත්තලම සිය ගොවිතැන් කටයුතු කර ගැනීමේ බාධාවක් මතුව ඇති බව පවසමින් එළුවන්කුලම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා. ගොවීන් පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිව මෙම කන්නයේ ගොවිතැන් සිදු කිරීමට නොහැකි වුවහොත් කුඹුරු අක්කර 700ක් පමණ පුරන් වීමට ඉඩ ඇති බවයි.

වැලිමඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන පැමිණීමෙන් පසු පාසල් බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුන් බවට චෝදනා කිරීමත් සමග එම ස්ථානයේ ඇති වුණේ මෙවන් තත්ත්වයක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now