මේ අයට ඉන්ධන කොච්චර ඕනෙද කියලා දැනුම් දෙන්න - දත්ත ඉදිරිපත් කිරීමට රජයෙන් විශේෂ සබැඳියක්

Report

මැදපෙරදිග යුදමය වාතාවරණයේ බලපෑම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් රජය මඟින් ආරම්භ කර ඇත.

ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ආහාර බෙදැහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත් ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මේ ඔස්සේ අපේක්ෂා කරන බවයි.

ඉන්ධන දීම නවතයි - බවුසර් ආපසු හරවා යවයි

ඉන්ධන දීම නවතයි - බවුසර් ආපසු හරවා යවයි

එසේම මෙම වැඩසටහනින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණක් බවද අමාත්‍යාංශය පවසයි.

තවද අමාත්‍යාංශය දන්වා සිටියේ දැනටමත් එවැනි රජයේ පද්ධතියක ලියාපදිංචි වී ඇත්නම් තම දත්ත ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිල සන්නිවේදන මාර්ග අනුගමනය කරන ලෙසයි.

එමෙන්ම සමස්ත ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීම, ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනාගැනීම, නිවැරදි දත්ත මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සහාය වීම මෙම දත්ත රැස් කිරීමේ ප්‍රධාන අරමුණ බවද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඇවිලෙන යුද ගිනි මැද ගෑස් සංචිත වහාම සීමා කරන්න - යුරෝපා සංගමයෙන් මේ රටවලට විශේෂ ලිපියක්

ඇවිලෙන යුද ගිනි මැද ගෑස් සංචිත වහාම සීමා කරන්න - යුරෝපා සංගමයෙන් මේ රටවලට විශේෂ ලිපියක්

අඳාළ දත්ත රැස් කිරීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තොරතුරු මත පදනම් වන අතර මේ ඔස්සේ රැස් කෙරෙන තොරතුරු විධිමත් විශ්ලේෂණයකින් අනතුරුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිර්දේශ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය දන්වයි.

එම දත්ත ඉදිරිපත් කිරීම සඳහා https://forms.gle/EPPu4bciG6onEptT9 යන සබැඳිය ඔස්සේ ගූගල් ආකෘති පත්‍රය වෙත පිවිසිය හැකි බවත් ඒ අනුව අදාළ තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර‍යි.  

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

තොග බෙදාහැරීම් සහ ප්_රවාහන අංශයේ ඉන්ධන අවශ්_යතා පිළිබඳ දත්ත රැස්කිරීමේ විශේෂ වැඩසටහන by poornima