තෙල් සංස්ථා ලාබ 75%කින් අඩුවේ…

Surf Exel Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Petrol diesel price
By Gagana News Mar 09, 2025 03:17 PM GMT
Gagana News

Gagana News

Report

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය ඉකුත් වර්ෂයේ (2024) පළමු මාස දහයේ දී රුපියල් බිලියන 25.1 දක්වා සියයට 76 කින් අඩුවී ඇති බැව් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ අයවැය ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් 2023 වර්ෂයේ පළමු මාස දහයේ දී රුපියල් බිලියන 106.7ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි.

ඉකුත් වර්ෂයේ පළමු මාස දහයේ දී සංස්ථාවේ මූල්‍ය වියදම රුපියල් බිලියන 1.1 දක්වා පහළ ගොස් තිබුණි.

එහෙත් විකුණුම් ආදායම පහත වැටීම ශුද්ධ ලාභයේ අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් 2024 වර්ෂයේ පළමු මාස දහයේ දී ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලයන 10ක අයබදු ගෙවීමෙන් රාජ්‍ය මූල්‍ය වගකීම සංස්ථාව විසින් ඉටුකර තිබූ බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.  

ReeCha