ඉහළ දැමූ ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය..

By krishani Apr 25, 2023 08:22 AM GMT
krishani

krishani

Report

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගෙන ඇත්තේ.

එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් සිදු නොවේ.

පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් QR කේතයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, ඉන්ධනහල් මඟින් ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නිකුත් කිරීමේ දී 24%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව නිකුත් කර තිබු අතර, ඉන්ධන කෝටාව වැඩිකළ පසු එය 14%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඉන්ධන හල් මඟින් 28%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව ඩීසල් නිකුත් කිරීම ඉන්ධන කෝටාව වැඩිකළ පසු 15%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෙසේවෙතත්, එලෙස QR ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයක් සිදුකරන බවත් එම පිරවුම්හල් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධනහල් වල බලපත්‍ර අවලංගු කිරීමටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ සඳහන් වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join