ඉන්ධන මිල ඉහළ යද්දී රජයෙන් ජනතාවට ඉන්ධන සහනාධාරයක්

Report

අනාගතයේදී ඉන්ධන මිල තවත් ඉහළ ගියහොත්, කෙටි කාලීන ඉන්ධන සහනාධාරයක් ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝකේ බොහෝ රටවල තෙල් මිල වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල වැඩි වීම වැළැක්විය නොහැකි බවයි.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

යම් අවස්ථාවක මිල වැඩි නොකළහොත්, රජයේ පමණක් නොව පෞද්ගලික සමාගම්ද තෙල් ආනයනය අඩු කිරීමට හෝ නතර කිරීමට සිදුවී, එමඟින් තෙල් සැපයුම අඩාල විය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී මෙම කරුණු ඔහු තවත් පැහැදිළි කර තිබේ.

හෙට දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

හෙට දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්