හෙට දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයට අනුව, හෙට (11) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යා හැකි බව සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවය.  

ඒ අනුව මෙවැනි උණුසුම් කාලගුණික තත්ත්වයන් මිනිස් සිරුරේ සෞඛ්‍යයට බලපාන බැවින්, ජනතාවට වතුර පමණක් නොව, ශරීර උෂ්ණත්වය පාලනයට උපකාරීවන පාන පරිභෝජනය කිරීම, සෘජු හිරු ආලෝකයෙන් සහ තාපයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

විශේෂයෙන් වයස්ගත , ගර්භණී මවන් සහ රෝගී පිරිස සඳහා අවදානම් අවම කිරීමට, බාහිර ක්‍රියාකාරකම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලීම් කරන ලදී. මෙම නිවේදනය මගින්, උණුසුම් කාලගුණයට හේතුවෙන් සෞඛ්‍ය තර්ජන අවම කර, ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය රැක ගැනීමේ අරමුණ වී ඇති බව අවධාරණය කර ඇත.

අපේ සංචිතයේ තෙල් සම්පූර්ණයෙන් ඉවර වුණා - සංචිත තිබියදී තෙල් මිල වැඩි කළ හේතුව නලින්ද කියයි

අපේ සංචිතයේ තෙල් සම්පූර්ණයෙන් ඉවර වුණා - සංචිත තිබියදී තෙල් මිල වැඩි කළ හේතුව නලින්ද කියයි