අද මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඉන්ධන ලැබෙන විදිය මෙන්න.

Sri Lanka National Fuel Pass
By Aruna Aug 14, 2022 03:39 AM GMT
Aruna

Aruna

Report
200 Shares

ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම මස පළමු දින සිට QR ක්‍රමවේදයට අනුව ඉන්ධන කෝටාව යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකරයි.

ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමත් සමග මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල පැවති පෝලිම් ද අවසන් විය.

මේ අතර QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය තීරණ ගන්නා බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

සියලුම ඉන්ධනහල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳ දත්ත පරීක්ෂා කර අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත්කර ඇති පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now