ලබන ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka Politician
By Aruna Apr 26, 2024 05:30 AM GMT
Aruna

Aruna

Report

මේ වසරේ ජූලි මාසයේ සිට ඔන්ලයින් ක්‍රමයට වෙන්දේසි කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අනුව, 2024 ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.

විවිධ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් ඔන්ලයින් වෙන්දේසි කිරීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රේගුවේ සියලුම වෙන්දේසි අන්තර්ජාලය හරහා පැවැත්වීමේ වගකීම මේ වන විට රේගු දෙපාර්තමේන්තුව භාරගෙන ඇති බවයි අවධාරණය කළේ.

ස්වභාවික හේතුවක් නිසා පාසල් වසා දැමීමට රජයක් තීරණය කරයි..

ස්වභාවික හේතුවක් නිසා පාසල් වසා දැමීමට රජයක් තීරණය කරයි..


රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ, මෙම නව ක්‍රමය හරහා රජයට නිසි ආදායමක් ලබා ගැනීමට මෙන්ම රන් ඇතුළු භාණ්ඩ තරගකාරී මිලකට ලබාගැනීමේ විවෘත අයිතියක් ජනතාවට ලබාදීමට හැකිවන බවයි.

................................................

MAY YOU LIKE