ඛනිජ තෙල් තොග ගබඩාවේ විශාල දූෂණයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෘත්තීය සමිති සාමාජිකයන් 18 දෙනෙකුට අනීතික ආකාරයෙන් රුපියල් 11 ලක්ෂයකට ආසන්න වටිනා වැටුප් අතිකාල සහ වෙනත් දීමනා ගෙවා ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසුව ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

එසේම අඳාළ වෘත්තිය සමිති සාමාජිකයන් 18 දෙනා දින 17ක කාලයක් දක්වා වෘත්තීය සමිති ප්‍රවර්ධනයට සේවයෙන් නිදහස් කර ඇති බව ද ඔහු පවසා ඇත.

බිලියන 60ක කැබ් ටෙන්ඩරය ටොයෝටා සමාගමට දීම අන්ත දූෂිත ඩීල් එකක් ඊට හොඳයි ටෙන්ඩරයක් නොදැම්මා නම් - චානක

බිලියන 60ක කැබ් ටෙන්ඩරය ටොයෝටා සමාගමට දීම අන්ත දූෂිත ඩීල් එකක් ඊට හොඳයි ටෙන්ඩරයක් නොදැම්මා නම් - චානක

එසේ එම වෘත්තීය සමිති සාමාජිකයන්ට මෙසේ අනීතිකව ගෙවා ඇති මුදල රුපියල් දස ලක්ෂ හැට හත්දහසක් බව සඳහන්.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව විවාදය ඊයේ පැවති අවස්ථාවේදීයි. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විගණන වාර්තාවකින්ද තොරතුරු අනාවරණය කර තිබුණා.

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න