හිටපු නගරාධිපතිවරියට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ පිලිපීන හිටපු බම්බන් නගරාධිපතිවරිය ඇලිස් ගුඕ ඇතුළු තිදෙනෙකුට,ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පිලිපීන අධිකරණයක් විසින් නියම කර තිබේ.
ඒ මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධ නඩුවකට අදාළව සිරදඩුවමට අමතරව ඩොලර් 33,832ක දඩයක්ද නියම කර ඇති අතර, මෙම ජාවාරම් ජාලය එරට ඉතිහාසයේ විශාලතම වංචාවක් ලෙස වාර්තා වී ඇත.
ඇලිස් ගුඕට අයත් බවට කියන මධ්‍යස්ථානයක රඳවා සිටි, මිනිස් ජාවාරම් සඳහා යොදාගත් පිලිපීන ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 800ක් වැටලීම්වලදී මුදාගැනීමටත් ආරක්ෂක අංශ කටයුතු කළ බවද සඳහන් වේ.