ඔයත් "ෆැටී ලිවර්" වලින් බේරෙන්න ක්‍රම හොයන කෙනෙක් ද?

Report

ලංකාවේ බොහෝ දෙනෙක්ට වෛද්‍යවරු අක්මාවෙ තෙල් එහෙමත් නැත්නම් "ෆැටී ලිවර්" කියලා නිර්ණය කරලා තියනවා .

එහෙමත් නැත්නම් ලේ පරීක්ෂණ වාර්තාවේ "අක්මාවේ එන්සයිම (liver enzymes) ප්‍රමාණය ටිකක් ඉහළ ගිහින්" හෝ "කොලෙස්ටරෝල් මට්ටම වැඩියි"කියලා වෛද්‍යවරු කියලා ඇති. ඔයා මේ සම්බන්ධව බයවෙලත් ඇති. බයවෙන් නැතුව ඔයත් මේ ලිපිය කියවන්නකෝ

ඉතිං කොහොමද ඔයා මෙයින් වැළකෙන්නේ කියලා ඔබත් හිත හිත ඇති .

අක්මාවෙ තෙල් එහෙමත් නැත්නම් "ෆැටී ලිවර්" කියලා කියන්නේ අක්මාවේ තියෙන සෛල ඇතුළේ, අක්මාවෙ අවශ්‍ය ප්‍රමාණයට වඩා මේදය, ඒ කියන්නේ තෙල් වගේ දේවල් එකතු වුණහම. ඔයාලා දන්නවද නිරෝගී අක්මාවකත් පොඩි මේද ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. නමුත් අක්මාවේ මුළු බරෙන් 5% ත් 10% ත් අතර ප්‍රමාණයකට වඩා මේදය එකතු වුණොත් ඔන්න ඔය කියන අක්මාවෙ තෙල් එහෙමත් නැත්නම් "ෆැටී ලිවර්" තත්වය ඇතිවෙනවා.

එතනදී "ෆැටී ලිවර්" වර්ග දෙකක් තියනවා.

  • මත්පැන් නොකරන අයට හැදෙන ෆැටී ලිවර් (NAFLD)
  • මත්පැන් පාවිච්චි කරන නිසා හැදෙන ෆැටී ලිවර් (AFLD)

 මේ වර්ග දෙකෙන් කෝක ඔයාට තිබුණත් අක්මාවෙ තෙල් තියන එකනම් හොද නැහැ.

      ඔයාට මේ තත්වය ඇතිවෙන්න හේතු ගොඩක් තියනවා.

ඒ සදහා ප්‍රධාන හේතුවක් විදිහට අධික ශරීර බර (ඇඟ මහත වීම) හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ශරීරයේ බර වැඩි වෙද්දී අක්මාවෙත් මේදය තැන්පත් වීමේ ඉඩකඩ ගොඩක් වැඩියි.තවද ඔබට නිවැරදි ආහාර රටාවක් නොතිබීම ඒ හේතුවක් වෙනවා. ඒ කිව්වේ ඔයා සීනි, පැණි රස බීම, කේක්, බිස්කට් වගේ දේවල් වැඩිපුර ආහාරයට ගන්නවනම් ඒක හොද නැහැ.

ඒ වගේම පිටි ආහාර වැඩිපුර ගන්න එකනම් හොද වැඩක් නෙමේ. නිදසුනක් විදිහට සුදු පාන්, නූඩ්ල්ස් නිතර ගන්න එපා . ඒ වගේම පැණි බීම, පළතුරු බීම (කෘත්‍රිමව සීනි එකතු කරපු), කේක්, බිස්කට් සහ ක්ෂණික ආහාර (junk food), සොසේජස්, මීට් බෝල්ස් වගේ සැකසූ මස් වර්ග පුළුවන් තරම් ආහාරයට ගන්න එක අඩු කරගන්න  ඔයා උත්සාහ කරන්න . මොකද එහෙමත් නැත්නම් ඒ දේවල් ඔබට ලෙඩ රෝග ගොඩක් ඇති කරන්නට හේතු වෙනවා .

ඒ වගේම ඔයාගේ කාර්‍ය්බහුල ජීවිතෙත් එක්ක ඔයා කඩ කෑම, තෙල් අධික බැදුම්, සැකසූ ආහාර ගන්න සිද්ද වෙනවා .ඒත් ඔයාගේ අක්මාවෙ තෙල් තැන්පත් වෙන්න ඒක හේතුවක් .

ඔයත් "ෆැටී ලිවර්" වලින් බේරෙන්න ක්‍රම හොයන කෙනෙක් ද? | Tips To Help Prevent Fatty Liver Disease

ඒ වගේම ඔබ දන්නවාද දෙවනි වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) තියෙන අයට ෆැටී ලිවර් හැදීමේ අවදානමක් තියනවා කියලා. ඒ අය පරිස්සම් වෙන්න මොකද ශරීරයේ ඉන්සියුලින් කියන හෝමෝනය හරියට වැඩ නොකරන තත්ත්වය (Insulin Resistance) එයට හේතුවක්.

තවද ලේ වල කොලෙස්ට්‍රෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් (මේද වර්ග) ඉහළ යාම වැනි කාරණා අක්මාවේ මේදය තැන්පත් වෙන්න හේතු වෙනවා. ඔබ අධිකව මත්පැන් පානය කරනවානම් අර AFLD කියන වර්ගය සදහා ඍජුවම බලපානු ලබයි. මොකද ඔබ මත්පන් ගන්නවනම් ඒක අක්මාවට විෂක් එකතු කරනවා වගේ තමයි.ඒ ගැන අනිවාර්‍යෙන් හිතන්න .

ඔයත් "ෆැටී ලිවර්" වලින් බේරෙන්න ක්‍රම හොයන කෙනෙක් ද? | Tips To Help Prevent Fatty Liver Disease

ඒ වගේම ඔයා ව්‍යායාම කරනවා අඩු කෙනෙක් නම් ඔයාගේ ශරීරයේ තෙල් ගතිය වැඩියි .ඒක ඔයාගෙ අක්මාවටත් බලපානවා .

සමහර වෙලාවට ඔයා ඖෂධ වර්ග දිගුකාලීනව ගැනීමත් හේතුවක් .

ඒ වගේම කාන්තාවන්ට බලපාන තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම වැනි දේ ඒ සදහා හේතුවක්.

ඔයාල දන්නවද සමහර අය හදිස්සියේ බර අඩු කරගන්න ගිහිනුත් මේ තත්ත්වෙට මුහුණ දෙනවා ඉතිං ඒ ගැන කල්පානා කාරී වෙන්න.

ඔයාට අක්මාවෙ තෙල් එහෙමත් නැත්නම් "ෆැටී ලිවර්" තත්වය වළක්වා ගන්න පුළුවන් .අපි බලමු ඒ කොහොමද කියලා

ඔයා ජීවිතේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්න "සීනි, තෙල්, ලුණු" ) අඩු කරන්න. පිරිපහදු කළ පිටි කෑම සීමා කරලා. ඒ වෙනුවට, එළවළු, පලතුරු, පලා වර්ග ගන්න හුරු වෙන්න.

ඔයත් "ෆැටී ලිවර්" වලින් බේරෙන්න ක්‍රම හොයන කෙනෙක් ද? | Tips To Help Prevent Fatty Liver Disease

ඒ වගේම පියලි සහිත ධාන්‍ය උදාහරණ‍යක් විදිහට නිවුඩු සහල්, කුරක්කන්, ඕට්ස් වගේ ආහාර එකතු කරගන්න තවද ප්‍රෝටීන බහුල ඔබේ කෑම වේලට වැඩිපුර එකතු කර ගැනීම වැදගත් .

ඔයා නිතිපතා ඇඟට ව්‍යායාමයක් කරන්න දවසකට අඩුම තරමේ විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදින එක, දුවන එක, බයිසිකල් පදින එක, නටන එක, පීනන එක වගේ දෙයක් ඔයාට කරන්න්න පුළුවන් .ජිම් යන්නම ඕනෙ කියලා එකක් නෑනේ.

ඒ වගේම ඔයා ශරීරයේ බර නිරෝගී මට්ටමක තියාගන්න උත්සාහ වෙන්න.

ඔබ මත්පැන් භාවිත කරන කෙනෙක්නම් එය සීමා කරන්න එහෙමත් නැත්නම් එය සම්පූර්ණයෙන්ම වළක්වන්න.

ඒ වගේම ඔබ ශරීරයට ප්‍රමාණවත් වන තරම් ජලය පානය කරන්න. ඔයා දන්නවද දවසට හොඳට වතුර බොන එක ඇඟේ ක්‍රියාකාරීත්වයට වගේම අක්මාවේ නිරෝගී පැවැත්මට හේතු වෙනවා.

ඉතිං ඔයාත් අක්මාවෙ තෙල් එහෙමත් නැත්නම් "ෆැටී ලිවර්" තියේනම් මේ දේවල් කරලා බලන්න .ඒ වගේම ඒ සදහා අවධානමක ඉන්නවනම් ඔයත් පරිස්සම් වෙන්න කියපු විදිහට.

නිරෝගිකම පරම සැපතක් බුදු දහමෙත් එහෙම තියනවනේ .ඔබත් නිරෝගී දිවි පෙවතක් උරුම කර ගන්න මේ දේවල් කරලා බලන්න.

ඔයාගෙ ආහාර වලට මේ දේවල් එකතු කරගෙන බලන්නකෝ..

ඔයාගෙ ආහාර වලට මේ දේවල් එකතු කරගෙන බලන්නකෝ..

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?