ත්‍රිරෝද රථ රියදුරන් ප්‍රවේශමෙන් විශේෂයෙන් රාත්‍රී ගමන් යන්නේ බලාගෙනයි
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ කුලී ගමනක් යන මුවාවෙන් ගල්කිස්සේ සිට පැමිණ හිසට වීදුරු බෝතලයකින් පහරදී රුපියල් ලක්ෂ 11කට අධික වටිනා ත්‍රීරෝදරථය හා දේපළ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ලසා’ නැමැත්තෙක් වන අතර එම සැකකරු සමඟ කොල්ලකෑ ත්‍රීරෝදරථය හා ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය වාර්තා කරන්නේ ඉකුත් 12 වෙනිදින සැකකරු තවත් පුද්ගලයකු සමඟ එක්ව මිරිහාන ප්‍රදේශයට කුලී ගමනක් යන මුවාවෙන් රියැදුරු කැඳවාගෙන පැමිණ මෙම කොල්ලය සිදු කර තිබූ බවයි.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ල කෑ ත්‍රීරෝද රථය සොයාගෙන ඇත.
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකැමක් සම්බන්ධයෙන්ද තොරතුරු හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මිරිහාන විවේකාරාම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.