පැල්පතට ගිනි අරන් - පොඩිවුන්ගේ ඇදුම් පොත් ඔක්කොම විනාසයි [PHOTO]
By Ashfa
නාවලපිටිය, හරංගල, කිරිමැටියාව ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් එම නිවස සහ එහි තිබූ සියලුම බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙම ගින්න ඇති වන අවස්ථාවේ නිවසේ මව සහ පියා රැකියාවට ගොස් සිට ඇති අතර, ඔවුන්ගේ දරුවන් තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.
ගින්නෙන් පාසල් නිල ඇඳුම් සහ උපකරණ ඇතුළු නිවසේ සියලු භාණ්ඩ විනාශ වී ඇති බවද ඔවුන් පවසයි.