හදිසි ආපදාවකදී දැනුම් දෙන්න දුරකථන අංක හතරක්....

By Hashini May 06, 2025 01:36 AM GMT
Report

 පළාත් පාලන මැතිවරණය පවත්වන අද (06දා) දිනයේ දී ආපදා තත්ත්වයක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා ‘117’ හදිසි ඇමැතුම් අංකයට අමරතව තවත් අංක 04ක් හඳුන්වා දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ එම අංක 0113668032, 0113668087, 0113668026, 0113668119 බවයි.

මැතිවරණය ආරම්භ කිරීමේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය දක්වා කාලය තුළ ඇති වන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් මෙම අංකවලට දැනුම් දිය හැකි බව ද ඒ මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ආපදාවන්ට ලක්වන අය ගලවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් පැය 24 පුරා සූදානමින් සිටින බවයි. 

පස්වරු 1න් පස්සේ එලියට යනවනම් පරිස්සමෙන්.....

පස්වරු 1න් පස්සේ එලියට යනවනම් පරිස්සමෙන්.....