පස්වරු 1න් පස්සේ එලියට යනවනම් පරිස්සමෙන්.....
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.