එයා දේශපාලනයේ දී එහෙමඋනාට..සැමියාත් සමග කටුක ජීවිතය එපාවී දේශපාලන ප්‍රබලයෙකුගෙන් බිරිඳ දික්කසාද වෙයි..?

By Sewvandhi Dec 26, 2024 01:40 PM GMT
Report

ඔහු ඇයව අත් හැරිය හේතුව මේකයි කියලා කියන්න පුළුවන්ද..? මේ ඇසෙන්නේ අන්න ඒ ගැනයි.. දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැ බවට වාර්තා වෙනවා.

ඇය ඔහුගෙන් ඉවත්වී බ්‍රිතාන්‍යයේ පදිංචියට යෑමට සැලසුම් කර ඇතැයිද විදෙස් මාධ්‍යවල සඳහන්.ලන්ඩන් නුවර උපත ලැබූ අස්මා සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුවූ කාන්තාවක් බැවින් ඇයට මොස්කව් නුවර ජීවිතය ඉතා දුෂ්කර බව සඳහන් කරමින් එම තීරණය ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මොකක්ද මේ ඒ ගමන රාජ්‍ය සේවකයන් ගැන ඇහෙන කතාව..තනතුරුත් නැතිවෙයිද..?

මොකක්ද මේ ඒ ගමන රාජ්‍ය සේවකයන් ගැන ඇහෙන කතාව..තනතුරුත් නැතිවෙයිද..?

කොහොම වුණත්, අරාබි සහ තුර්කි මාධ්‍ය උපුටා දක්වමින් අමෙරිකාව ඇතුළු බටහිර මාධ්‍ය පළ කළ එම පුවත ඊයේ රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද වාර්තා වෙනවා.

මොස්කව් නුවර සමඟ දීර්ඝ සම්බන්ධතාවක් පවතින අසාඩ්ගේ පවුලේ සාමාජිකයන් සතුව ඩොලර් මිලියන ගණනාවක දේපළ රුසියාවේ ඇති බවත්, හිටපු ජනපති ආර්යාව අස්මා අල් අසාඩ් දික්කසාද වීමේ හෝ රුසියාව හැර යෑමේ තීරණයක් ගෙන නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කරනවා.(උපුටාගැනීමක්)

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන දැන් ලැබුණු සුවිශේෂී ආරංචිය..

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන දැන් ලැබුණු සුවිශේෂී ආරංචිය..

………………………………………………………………

You may like this video 👇