මේ සුබ අවුරුද්දේ මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක්
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ මාර්තු මාසයේදී සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, පසුගිය මාර්තු මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක මුදලක් මෙරටට ලැබී තිබේ.
මෙය 2025 වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 693.3ක ප්‍රේෂණ ප්‍රමාණය සමඟ සැසඳීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 121.5ක කැපී පෙනෙන වර්ධනයකි.
2026 වසරේ මුල් මාස තුන (ජනවාරි සිට මාර්තු දක්වා) සැලකීමේදී ද විදෙස් ප්‍රේෂණවල ප්‍රබල වර්ධනයක් දක්නට ලැබෙන අතර, එම කාලය තුළ මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.29කි.
එය පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 26.5ක දැවැන්ත වැඩිවීමක් බව ද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙම දායකත්වය බෙහෙවින් ඉවහල් වන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.