හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

Report

 රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමග විදෙස් ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

ඔහු සතුව හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිර්‍ර්මට නියමිතව ඇත. 

විශේෂයෙන් මේ පළාත්වල අය පරිස්සම් වෙන්න

විශේෂයෙන් මේ පළාත්වල අය පරිස්සම් වෙන්න