විදෙස් රැකියා සඳහා යන අයට රතු එළියක්.. මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Dubai
By Aruna Oct 24, 2022 04:23 AM GMT
Aruna

Aruna

Report

රැකියා සඳහා පිටත්ව ගිය මෙරට කාන්තාවන් අසූදෙනකු ඩුබායි රාජ්‍යයේ අතරමං ව සිටින බවට එරට තානාපති කාර්යාලය කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයට දැනුම් දී තිබෙනවා.

මෙම පිරිස විවිධ විදේශ රැකියා නියෝජිත ආයතන මගින් රැකියා සඳහා ඩුබායි වෙත ගොස් ඇති අය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඉන් කාන්තාවන් පනස් දෙනකු ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ අතරමංව සිටින අතර, සෙසු පිරිස නිවාසයක රඳවා තබා ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න මහතා පවසයි.

මෙලෙස රැකියා සඳහා ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති පිරිසෙන් බොහොමයක් සංචාරක වීසා මත ගොස් සිටින බවද හෙළිවී තිබේ.

කෙසේ වුවද, මෙම පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සමග එක්ව කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා පැවැති සාකච්ඡාවකදී දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now