රට රැකියා සඳහා යන එන සහ උනන්දු වෙන ඔයාටමයි පහසුකම් රැසකින් යුත් මේ ආරංචිය - බලන්නකෝ කරලා තියෙන දෙය..

Government Of Sri Lanka Foreign Employment Bureau Job Opportunity
By krishani Nov 29, 2023 05:05 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk  යාවත්කාලීන කර තිබෙනවා.

ඒ විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ය.

රට රැකියා සඳහා යන එන සහ උනන්දු වෙන ඔයාටමයි පහසුකම් රැසකින් යුත් මේ ආරංචිය - බලන්නකෝ කරලා තියෙන දෙය.. | Foreign Employment Bureau Website Services

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ආදී සේවාවන් රැසකින් යුක්තයි.

එමෙන්ම විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීම වැනි පහසුකම් ද සලසා දී තිබෙනවා.

ඒ අනුව සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබා ගැනීමට හැකිය.

කෙසේ වෙතත්, විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට විවෘත වී ඇති පසුබිමක වාර්ෂිකව විදේශ රැකියාවලට පිටත් වන ප්‍රමාණය හා ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇති බවයි.

"මේ තැන්වල නම් කොහොමත් බෑ.." - සිගරට් මිලත් වැඩි වෙයි?. එකවරම ආ දුම් පානය කිරිම ගැන තහනම..

"මේ තැන්වල නම් කොහොමත් බෑ.." - සිගරට් මිලත් වැඩි වෙයි?. එකවරම ආ දුම් පානය කිරිම ගැන තහනම..


ReeCha