රිෂාඩ්ගේ නිවසේදී පිලිස්සී මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

ajith rohana borella abuse harassments rishad badurdeeb
By Sewvandhi Jul 19, 2021 02:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් පිලිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සමඟ කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් තව දුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අදාල දැරිය පසුගිය වර්ෂයේදී ඩයගම ප්‍රදේශයේ සිට මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගෙන් අද (19) දිනයේදී ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මවගෙන් සහ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියාගෙන් ඊයේ (18) දිනයේදී වැඩිදුර ප්‍රකාශ ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද (19) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් සහ දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයින්ට කඩිනමින් දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හැටන් නගරයේ දී ඊයේ (18) විරෝධතාවක් පැවැත්වුණා. අ

දාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට පත්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha