උදේ පාන්දරම බිහිසුණු අනතුරක් - ටිපර් රථයේ ගැටී 5ක් ජිවිතාක්ෂයට

Report

අද (21) මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වැල්ලවාය - මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් ට්‍රේලරයේ ගමන්ගත් පුද්ගලයින් 10 දෙනාගෙන් අටදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයින් අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ අනෙක් තිදෙනා මේ වනවිට මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්