ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න

Report

මේ වන විට ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් මුළු ලංකාව සංවේගයට පත්ව ඇත.

එවන් මොහොතක ඇගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් ඇ‍යගේ අවසන් ඉල්ලීම ඇය ගැන නැවත නැවත සිත් පැහැදීමට සමත්ව ඇති බව සඳහන්.

ඒ තම දේහය නිවසින් බැහැරව වෙනත් පොදු ස්ථානයකට රැගෙන නොයන ලෙස නන්දා මාලිනී මහත්මිය සිය අවසන් කැමති පත්‍රයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙන බැවිනි.

එසේම අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සවශ්‍රීයකින් තොරව ඉතා චාම්ව සිදු කරන ලෙසද ඇය දන්වා ඇති බව සඳහන්. ඒ අනුව ඇගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් මත ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි.

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, එතුමියගේ දේහය සිකුරාදා, එනම් අද පෙරවරු 10.00 ට ඇය පදිංචිව සිටි නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන "නන්දා මාලිනී සංගීත ආශ්‍රමය" වෙත රැගෙන ඒමට නියමිත බවයි.

එසේම මහජන ගෞරවය සඳහා දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එම නිවසේම තැන්පත් කරන බව සඳහන් කළා. එමෙන්ම සෙනසුරාදා පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යන අතර, එදින පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද ඇයගේ දැඩි ඉල්ලීම පරිදි කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් සිදු නොකරන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඊට අමතරව නන්දා මාලනියගේ අවසන් කටයුතු සිදු වන සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් රජය තීරණය කර ඇති බව සඳහන්.

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්