මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්
උසස් අධ්‍යාපන වරම් නොලැබූ 2023,24,25 යන වර්ෂවල සිසුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට රජයෙන් පොලී රහිත ණයක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම ණය උපරිම ලක්ෂ 15කට යටත්ව වසර 7ක ණය ආපසු ගෙවීමේ කාලය ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.
එමඟින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත්, පෞද්ගලික විශ්ව විද්‍යාල 16ක පාඨමාලා 130ක ප්‍රමාණයක් උපාධිය හෝ ජාතික මට්ටමේ ඩිප්ලෝමා හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවනු ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
එසේම මුළු ලංකාව පුරාම සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ක්‍රියාවලියේ පළමු අදියර සැප්තැම්බර් 3වන දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම වැඩපිළිවෙල සංවිධානය කරනු ලබන බව කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා සඳහන් කර ඇත.