ඔබ සදානුස්මරණීයයි.. දේශයම හඬවා නිහඬ වූ විශාරද නන්දා මාලනීය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක සටහනක්
ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනීගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.
ඒ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්. එහි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දුෂ්කරම සමයක ඇය සිදු කළ යුග මෙහෙවරව සදානුස්මරණීය බවයි.
එසේම තම කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක් වූ නන්දා මාලනීගේ අභාවය සම්බන්ධයෙන් අතිශයින් ශෝකයට පත් බව ද ඔහු පවසයි.
ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි
එම සටහන පහතින් උපුටා දක්වා ඇත,
I am deeply saddened by the passing of Nanda Malini, a true musical legend of our time. Her timeless music inspired generations of Sri Lankans, young and old alike. Her remarkable legacy will live on in the hearts of millions. My deepest condolences to her family, loved ones and…
— Anura Kumara Dissanayake (@anuradisanayake) August 20, 2026