වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති රැස් වෙයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) දින පවත්වා ඇත.

ඒ අනුව ඊට වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලු ශ්‍රේණින් නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගී වී ඇති බව සඳහන්.

එහිදී සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති පොදු ගැටලුවලදී ශ්‍රේණි අතර බෙදීමකින් තොරව එකම කණ්ඩායමක් වශයෙන් එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමට එකඟවී තිබෙනවා.

රජයට GMOAගේ අවසාන පැය 48 අදින් අවසන්

රජයට GMOAගේ අවසාන පැය 48 අදින් අවසන්

ඒ අනුව අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, ඖෂධ සහ උපකරණ හිඟය, ඖෂධ සහ උපකරණවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු, රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම සහ යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය යන කරුණුවලදී සමිති සියල්ල පොදු එකමුතුවක් සහ පුළුල් සංවිධානයක් වශයෙන් කටයුතු කිරීමට නියමිතව ඇත.

තවද එක් එක් සේවා කාණ්ඩයන්ට අනන්‍ය වූ ගැටලුවලදී වෙන් වෙන්ව එම ගැටලු සඳහා පෙනි සිටීමට සහ වෙන වෙනම වෘත්තිය සටන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟවී ඇති බව සඳහන්.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ