රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න
විදේශයක සිට පැමිණෙන කිසිදු මගියෙකුට දුම්වැටි රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ඇත.
මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ පසුගිය මාස හතරක කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණි මගීන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙම දුම්වැටි ප්‍රමාණය විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක් (2,032,804) බවයි.
ඒ අනුව, කෙරවලපිටිය අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදී මෙම දුම්වැටි තොගය දහනය කර විනාශ කිරීම අද (30) සිදු වූ අතර මෙම දුම්වැටි තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 305 ක් වන අතර, රජයට අහිමි වීමට ගිය බදු මුදල රුපියල් මිලියන 271 ක් වේ.