දෙමව්පියන්ට සතුටු ආරංචියක් - ලංකාවේ 12 අඩු දරුවන්ට වෙන්න යනදේ මෙන්න

Report

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම ගැන රජය පියවර ගනිමින් සිටින බවයි.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ ළමා මනෝ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ තහනම ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ පාර්ශ්ව සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ විවිධ අපයෝජනයන්ගෙන් ඔවුන් මුදාගැනීම සඳහා ලොව පුරා මෙවැනි තහනම් පැනවීමේ ප්‍රවණතාවක් පවතින බවත්ය.

ළමුන් අතර HIV රෝගය ඉහළට - භයානක තත්ත්වයක්

ළමුන් අතර HIV රෝගය ඉහළට - භයානක තත්ත්වයක්

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පසුගියදා සඳහනන් කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට TikTok, X, Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතය දැනටමත් තහනම් කර ඇති අතර, ප්‍රංශය ද වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා මෙවැනිම සීමාවන් පනවා ඇත.

අපදා මුදල් ගැනීම අලුත්ම ආරංචිය - 25,000 සහ 50,000 සහන මුදල් ගැන දැනුම්දීමක්

අපදා මුදල් ගැනීම අලුත්ම ආරංචිය - 25,000 සහ 50,000 සහන මුදල් ගැන දැනුම්දීමක්